Pages

පැපිලියානේ සුරූපි ගණිකාවන්ගේ ස්පා එක වැටලු මෙහෙයුම මෙන්න

කොළඹින් පිට අවුරුදු 19 ත් 24 ත් අතර යුවතියන්
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් බොරලැස්ගමුව නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකය මගින් වටලා තිඛෙනවා. එම වැටලීම සිදු කරන අවස්ථාවේදී එහි කළමනාකරු ලෙස කටයුතු කර තිඛෙන්නේ යුද හමුදාවේ හිටපු බුද්ධි සෙබලෙක්. ඔහුව මෙන්ම සුරූපී තරුණියන් හත්දෙනෙකු එහිදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.බොරලැස්ගමුව පැපිලියාන පාරේ වායුසමනය කරන ලද සුඛෝපභෝගී දෙමහල් නිවෙසකයි මෙම ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා මධ්‍යස්ථානය එසේ පවත්වාගෙන ගොස් ඇත්තේ.
අත්අඩංගුවට ගත් සුරූපී තරුණියන් අතර අවිවාහක තරුණියන් තිදෙනකු සිටි අතර දික්කසාද වූ කාන්තාවක හා විවාහ වූ කාන්තාවන් තිදෙනෙකු ද සිටි බව පොලීසිය පවසනවා.

මෙම ස්ථානයට ඇතුළුවීමේ ගාස්තු වශයෙන් රුපියල් දෙදහසක මුදලක් අයකර පසුව සුරූපී කාන්තාවන් ඉහළ මිල ගණන්වලට විකුණන බවට පොලිසියට තොරතුරු ලැබී තියන බව පැවසෙනවා. ඒ පිළිබදව සොයා බැලීමේදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස නාම පුවරුවේ සදහන් කර තිඛෙන නමුත් මෙය ග‚කා නිවසක් බවට තහවුරු කරගත් පසුව එහි බලපත්‍රය අත්හිටුවා තිඛෙනවා. එමෙන්ම පොලීසියට ලද රහසිගත තොරතුරකට අනුව ගංගොඩවිල අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් අනුව වැටලීම සිදු කර තිඛෙන්නේ.
පොලිස් උපාය දූතයකු සාමාන්‍ය පුද්ගලයකු ලෙස සුරූපී තරුණියක් මිලදී ගැනීමට යන බවට සැරසී සුඛෝපභෝගී මෝටර් රථයකින් එම ස්ථානයට ගොස් තිඛෙනවා. එහිදී රුපියල් දෙදහස මුදලක් ඇතුළුවීමේ ගාස්තු වශයෙන් කළමනාකරුගේ උපදෙස් මත ගෙවා ඇති අතර, තරුණියන් රැදී සිටින ස්ථානය වෙත ඔහුව යොමු කර තිඛෙනවා. මදවේලාවක් ගත වෙද්දී උපාය දූත පොලිස් නිලධාරියා අවට රැකවල් ගෙන සිටි දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එම්.යූ.බී. සමරසිංහ මහතාට ජංගම දුරකථනය හරහා රහසිගත සංඥාවක් ලබා දී ඒ අනුව එම ස්ථානය වැටලීමට ලක් කර තිඛෙනවා.

සුපිරි පැලැන්තියේ පුද්ගලයන් මෙම ගණිකා මධ්‍යස්ථානයට පැමිණෙන බවට වාර්තා වෙන අතර කාන්තාවක් පැයක පමණ කාලයක් ඇසුරු කිරීමට රුපියල් පන්දහසක අවම මිලක් අයකර බවසදහන් වෙනවා. ඒ වගේම පැය හතරක් හෝ ඊට අධික වේලාවක් ඇය සමග ගතකරන්නේ නම් රුපියල් පහළොස් දහසේ සිට ඉහළ මිලක් අය කරන බව සිදු කරන ලද පරීක්ෂණ වලදී පොලිසිය එසේ අනාවරණය කරගෙන.
පොලිස් අත්අඩංගුවට පත්වූ සුරූපී කාන්තාවන් කුරුණෑගල, ගාල්ල, රත්මලාන, මීගමුව හා මාතර පදිංචි වයස අවුරුදු 19 හා 24 පසුවන්නියන් බවත් එම ස්ථානය පවත්වාගෙන ගියපුද්ගලයා ධනවත් පැලැන්තියක කෙනෙක් බවත් සදහන්.